Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිළිමළුන් පිටුදැකීමේ අවසන් තරගය 29 වැනිදා

පිළිමළුන් පිටුදැකීමේ අවසන් තරගය 29 වැනිදා

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළද සේවා ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන වෙළද සේවා ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම සහ ටීජේ ලංකා කණ්ඩායම අතර ලබන 29 වැනිදා වෙළද සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම ලක්ෂාන් රොඩ්රිගුත්, ටීජේ ලංකා කණ්ඩායම ලසිත් මාලිංග විසිනුත් මෙහෙයවනු ලැබේ.

වර්ෂාව හේතුවෙන් අර්ධ අවසන් පූර්ව වටයේදී ටීජේ ලංකා සහ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම් අතර තරගයත්, එල්.බි.ෆිනෑන්ස් සහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් අතර තරගයත් පැවැත්වීමට නොහැකි විය. ඒ අනුව ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව ඉදිරියෙන් සිටි ටීජේ ලංකා කණ්ඩායම සහ එල්.බි.ෆිනෑන්ස් කණ්ඩායම අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

අවසන් පූර්ව තරග වලදී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමටට එරෙහිව කඩුලු 4 ක ජයක් ලබාගත් ටීජේ ලංකා කණ්ඩායමත්, මාස් යුනිචෙලා සහ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම් අතර තරගයේ ලකුණු සමවුවද සුපිරි ඕවරයේදී ජයගත් එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

ටෙක්ස්ටර්ඞ් ජර්සී නමින් පසුගිය වසරේදී පළමු වරට වෙළද සේවා ‘ඒ’ කොටසේ තරගාවලිය සදහා උසස්විමක් ලැබූ ටීජේ ලංකා කණ්ඩායමට ලීග් තරගාවලියේදී ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානය හිමිවූ අතර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටයෙන්ම ඉවත්වීමට ඔවුන්ට සිදුවිය. මෙම වසරේදිද ටීජේ ලංකා කණ්ඩායමට ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ හිමිවූයේ හයවැනි ස්ථානයයි.

පළමු වරට වෙළද සේවා ‘ඒ’ කොටසේ තරගාවලිය සදහා එක්වූ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායමට ලිග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙහි හිමිවූයේ සිවුවැනි ස්ථානයයි. තරග 9 කට සහභාගීවූ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම තරග 5 ක් ජයගත් අතර තරග 3 ක් පරාජයට පත්වී එක් තරගයක් විසදුමකින් තොරව අවසන් කරගැනීමට සමත්විය.


එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායමඃ
ලක්ෂාන් රොඩ්රිගු (නායක), රජීව වීරසිංහ, ළහිරු උදාර, කුසල් මෙන්ඩිස්, චරිත් සුධාරක, සහන් ආරච්චිගේ, චතුරංග කුමාර, ශිරාන් ප්‍රනාන්දු, අනුෂ්ක පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කේෂාන් විජේරත්න, යශාන් සමරසිංහ, ශෂීන් ප්‍රනාන්දු, තනීෂ වීරකෝන්, සචින් දල්පදාදු.

ටීජේ ලංකා කණ්ඩායමඃ
ලසිත් මාලිංග (නායක), සචිත්‍ර සේනානායක, මිලින්ද සිරිවර්ධන, කිත්රුවන් විතානගේ, ඩිලාන් ජයලත්, සිතාර ගිම්හාන, ශාලික කරුණානායක, චලන ද සිල්වා, ධම්මික ප්‍රසාද්, කසුන් මදුශංක, ලක්ෂාන් සඳකැන්, නිලූශන් නෝනිස්, විශාද් රංදික, සුරංග ලක්මාල්, නිපුන කාරියවසම්, නාලක අමරකෝන්, කෝසල ජයසේකර, රංගීත් පීරීස්.

 


අදහස් (0)

පිළිමළුන් පිටුදැකීමේ අවසන් තරගය 29 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.