Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නැගී එන්නන්ගේ තරගාවලියට 19 න් පහළ කණ්ඩායම් දෙකක්

නැගී එන්නන්ගේ තරගාවලියට 19 න් පහළ කණ්ඩායම් දෙකක්

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැඟී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය හෙට (4 වැනිදා) කණ්ඩායම් 24 ක සහභාගීත්වයෙන් ආරම්භවන අතර ඊට වයස 19 න් පහළ ‘රෙඞ්’ සහ වයස 19 න් පහළ ‘බ්ලූ’ ලෙස වයස 19 න් පහළ කණ්ඩායම් දෙකක්ද ඇතුළත්ව ඇත. මෙම තරගාවලිය පැවැත්වීම මගින් ලබන මාසයේදී ආරම්භවන පළමු පෙළ තරගාවලිය සඳහා දක්ෂ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ වලට හිමිවනු ඇත.

දෙදින තරග ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග හෙට සිට 14 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැත්වේ. එක් කාණ්ඩයකට කණ්ඩායම් 3 බැගින් කාණ්ඩ 8 ක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට තරග 2 බැගින් හිමිවේ.

ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ 22 කට ඇතුළත්වන ක්‍රීඩකයින් 11 සඳහා වයස 23 න් පහළ ක්‍රීඩකයින් 11 දෙනාම හෝ අවම වශයෙන් වයස 23 න් පහළ ක්‍රීඩකයින් 7 දෙනෙකු සමගින් වසය 23 ට වැඩි ක්‍රීඩකයින් 4 දෙනෙකු පමණක් යොදාගනිමින් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඇත.

ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගන්නා කණ්ඩායම් 8 අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 17 සහ 18 පැවැත්වීමට නියමිතව ඇත.

අවසන් පූර්ව තරග සහ අවසන් තරගය පැවැත්වෙන දිනයන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් තීරණයක ගෙන නොමැත.


තරගාවලියට සහභාගීවන කාණ්ඩ සහ කණ්ඩායම්

‘ඒ’ කාණ්ඩය - එන්.සී.සී, මීගමුව ක්‍රීඩා සමාජය, පානදුර ක්‍රීඩා සමාජය
‘බී’ කාණ්ඩය - සී.සී.සී, වසය 19 න් පහළ කණ්ඩායම (බ්ලූ), බී.ආර්.සී
‘සී’ කාණ්ඩය - යුදහමුදාව, කෝල්ට්ස්, ලංකන්
‘ඩී’ කාණ්ඩය - හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය, බදුරලිය ක්‍රීඩා සමාජය, ගාල්ල ක්‍රීඩා සමාජය
‘ඊ’ කාණ්ඩය - නාවික හමුදාව, කළුතර නාගරික ක්‍රීඩා සමාජය, බ්ලූම්ෆීල්ඞ්
‘එෆ්’ කාණ්ඩය - සැරසන්ස්, මූවර්ස්, කුරුණෑගල තරණ ක්‍රීඩා සමාජය
‘ජී’ කාණ්ඩය - වරාය අධිකාරිය, ද්‍රවිඩ සංගමය, ගුවන් හමුදාව
‘එච්’ කාණ්ඩය - එස්.එස්.සී, රාගම ක්‍රීඩා සමාජය, වයස 19 න් පහළ කණ්ඩායම (රෙඞ්)

 


අදහස් (0)

නැගී එන්නන්ගේ තරගාවලියට 19 න් පහළ කණ්ඩායම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.