අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ තෙවැනි සතිය අවසාන වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 32.885 ක් ලබාගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත්විය.
තරග තුනකට සහභාගිවී ඇති නාවික හමුදා ක්‍රීඩා සමාජය එක් තරගයක් ජයගැනීමට සමත්වී ඇති අතර තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.
ප්‍රසාද ලකුණු 28.955 ක් ලබාගත් පානදුර ක්‍රීඩා සමාජයට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිවී ඇති අතර ප්‍රසාද ලකුණු 28.870 ක් ලබාගත් පොලිස් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත්වී ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.