ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙය වූ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන අන්තර් සමාජ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ (2014) ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක‍්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ පැරණි තුරඟ තරග පිටියේ විදුලි ආලෝකය මධ්‍යයේ අද (09) පස්වරුවේ පැවැති අවසන් මහ තරගයේදී නාවික හමුදා පිල ලකුණු 27-22 ක ජයක් ලැබීය.
නාවික හමුදා පිල මෙවර ලීග් සහ පිළිමළුන් පිටු දැකීමේ යන තරගාවලි දෙකේම ශූරතා දිනා ගැනීමට කැපී පෙනුණි. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස නුවන් හෙට්ටිආරච්චි සම්මාන ලැබීය.
ජයග‍්‍රාහි නාවික හමුදා පිල ගෝල තුනකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු ලැබූ අතර හැව්ලොක්ස් පිලට ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-3 ක් ලෙස හැව්ලොක්ස් පිල පෙරමුණේ පසු විය. නාවික හමුදා පිල දෙවැනි අර්ධයේ පෙරමුණට පැමිණීමට සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.