Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී මහරගම ජනාධිපති විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත්විය.
කොළඹ නාලන්දා විදුහල් පිටියේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් මහරගම ජනාධිපති විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 27කට සීමා කිරීමට නාලන්දා පන්දු යවන්නන් සමත්වූහ. නාලන්දා විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 67ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවීය. තරගය නතර කරන විට මහරගම ජනාධිපති විද්‍යාලය කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 45ක් රැස් කර තිබිණ.
මහරගම ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම ඕවර 25.2 කදී සියලු දෙනා දැවී 27 යි
(නරේන්ද්‍ර විජේසිංහ 02/4, හරිත අමරසිංහ 06/2)
නාලන්දා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී 67 යි
(තනූෂ අතුකෝරලගේ 25, ආකේන් නිම්නක 20/3)
මහරගම ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 29 කදී කඩුලු 6 ක් දැවී 45 යි
(ගිත්ම වෙල්ගමගේ 08/4, හරිත අමරසිංහ 09/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.