Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ I වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව ලකුණු 68 ක ජයක් අත්කර ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත්විය.
කොළඹ නාලන්දා විදුහල් පිටියේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් කොළඹ නාලන්දා විද්‍යාලය ලකුණු 164 ක් රැස් කළ අතර, එහිදී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන්
දස්කම් දැක්වූ ටෙෂාර පමෝද් ලකුණු 37 කට කඩුලු 5 ක් දවාලීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ තර්ස්ටන් විද්‍යාලයට සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 96ක් පමණි.
කොළඹ නාලන්දා විද්‍යාලය - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 164 යි
(ගෙවින් සංදේශ් 32, හසරැල් රබෙල් 29, තිවිරු දිල්මිත් 25, එස්.ඩී. යේනුක 23, ටෙෂාර පමෝද් 37/5, ජනිරු නිම්සර 26/2)
කොළඹ තර්ස්ටන් විද්‍යාලය - ඕවර 41 කදී සියලු දෙනා දැවී 96 යි
(මහිරු දියතිලක 39, මෙතුක පෙරේරා 10/3, උමාෂ අභිලාෂ් 19/3, ගයුක මධුෂාන් 39/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.