Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මරාජයෙන් ශතක දෙකක්

ධර්මරාජයෙන් ශතක දෙකක්

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන ධර්මරාජ කිංස්වුඩ් 117 වැනි මහා ක්‍රිකට් තරඟයේ පළමු දිනය වූ අද (22 වැනිදා) ධර්මරාජ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 325 ක් ලබා ගත්තේය. තේ පානයෙන් පසුව ධර්මරාජ කණ්ඩායම සිය ඉනිම අත්හිටවූ අතර දිනය අවසන් වන විට ඇද හැලුන සුළු වර්ෂාවත් මඳ ආලෝකයත් හේතුවෙන් පළමු දිනයේ තරඟය නිමා කිරීමට විනිසුරුවරු තීරණය කළහ.

ධර්මරාජ විදුහල වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඔනජිත් ද සිල්වා නොදැවී (103) සහ ඉසුරු පන්නල (105) ශතක ලබාගත්හ.

කිංග්ස්වුඩ් පිල කාසියේ වාසිය දිනාගත් නමුත් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ධර්මරාජ පිලට ආරාධනා කළේය. ධර්මරාජ පිතිකරුවන් කිංස්වුඩ් පන්දු යවන්නන් ගැන කිසිදු තැකීමක් නොකොට පිටිය පුරා පන්දුව යවමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 152 ක සම්බන්ධතාවක් ගොනු කළහ. දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 151 කි.

පළමු කඩුල්ල ලෙසින් ශ්‍රී ලංකා වයස 19 න් පිලේ ක්‍රීඩක පළිඳු පෙරේරා (92) ශතකය පේන මානයේ සිටියදී දැවී ගියේය. ඔහුගේලකුණු 92 ට හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත් විය .

 

ධර්මරාජ විදුහල - පළමු ඉනිම කඩුලු 2 ට 325
(පළිඳු පෙරේරා 92, ඔනජිත්ද සිල්වා නොදැවී 103, ඉසුරු පන්නල105, ලක්වින් අබේසිංහ නොදැවී 18)

 


අදහස් (0)

ධර්මරාජයෙන් ශතක දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.