Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජයේ දිනිත කඩුලු 10 ම දවාගනී

දේවපතිරාජයේ දිනිත කඩුලු 10 ම දවාගනී

ශනුක අරවින්ද - 2018 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහලට එරෙහිව රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයේ එක් ඉනිමකදී කඩුලු 10 ක් දවාගැනීමට රත්ගම දේවපතිරාජ විදුහලේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක දිනිත ප්‍රභාංක සමත් විය.

එහිදී ඕවර 12.4 ක් යැවූ දිනිත, ප්‍රතිවාදීන්ට ලකුණු 31 ක් ලබාදෙමින් රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිමේ කඩුලු 10 ම දවාගත්තේය. ඉන් නොනැවතුන ඔහු දෙවැනි ඉනිමේදීද ලකුණු 41 කට කඩුලු 3 ක් දවාගනිමින් ඉනිමේ දෙක්දීම තමා දවාගත් කඩුලු සංඛ්‍යාව 13 ක් දක්වා ඉහළ දමාගත්තේය. මෙම තරගයෙන් දේවපතිරාජ විදුහලට පළමු ඉනිමේ ජයක් අත්විය.

රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 34.4 කදී සියලු දෙනා දැවී 125  
(තවීෂ ධලංජිත් 26, පෘතුවි යසස් 24, දිනිත ප්‍රභාංක 31/10)

දේවපතිරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 177  
(පැතුම් ශමින්ද නොදැවී 97, දිනිත ප්‍රභාංක 36, ෂෙරන් අභිෂේක් 78/3, මෙතුම් සෙන්විදු 12/2, ජේඩිඩිය ස්ටෙෆාන් 15/2, තවීෂ ධංජිත් 24/2)

රිච්මන්ඞ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 13 කදී කඩුලු 5 ක් දැවී 108   
(පෘතුවි යසස් 30, චෙහාන් සුබසිංහ 24, ෂෙරන් අභිෂේක් නොදැවී 18, දිනිත ප්‍රභාංක 41/3, පැතුම් ශමින්ද 41/2)


අදහස් (0)

දේවපතිරාජයේ දිනිත කඩුලු 10 ම දවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.