Last Update  :  2025-12-16 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙවැනි ටෙස්ට් තරගයත් ගාල්ලට රැගෙන යයි

දෙවැනි ටෙස්ට් තරගයත් ගාල්ලට රැගෙන යයි

editorial - 2022 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ. මින් පෙර එම තරගය මෙම මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් ඇති අතර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති ටෙස්ට් තරග දෙකම පැවැතියේද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.


-036

 


අදහස් (0)

දෙවැනි ටෙස්ට් තරගයත් ගාල්ලට රැගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.