Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙබරවැව ජාතික පාසලට ඉනිමක ජයක්

දෙබරවැව ජාතික පාසලට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී හලාවත ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 57 ක ජයක් හිමිකර ගැනීමට දෙබරවැව ජාතික පාසල ඊයේ (03 වැනිදා) සමත්විය. මෙම තරගය හැළඹවටවන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දෙබරවැව ජාතික පාසලේ චානුක ආශිංසන (119) ශතකයක් සහ කඩුලු 4 ක් දවාගනිමින් තුන් ඉරියව් දස්කම් පෑ අතර කවිඳු ප්‍රමෝද් කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

දෙබරවැව ජාතික පාසල  - පළමු ඉනිම - ඕවර 74 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 315
(චානුක ආශිංසන 119, ඒශාන් විජේවර්ධන 70, ඉශාන් අරවින්ද 36, තිසර ශාලින්ත නොදැවී 24, චාරුක තරිඳු 53/2, උජිත් ඉරුෂික 69/2)

ශා. මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65.3 කදී සියලුදෙනා දැවී ලකුණු 152
(චාරුක තරිඳු 56, යොවෙක් ක්‍රිස්ටන් 23, කේශාන් තාරුක 20, කවිඳු ප්‍රමෝද් 47/5, චානුක ආශිංසන 41/4)

ශා. මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 106
(චාරුක තරිඳු 37, රොශේන් මාධව 28, තිසල් දම්සර 33/4)


අදහස් (0)

දෙබරවැව ජාතික පාසලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.