Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙබරවැව ජාතික පාසලට ඉනිමක ජයක්

දෙබරවැව ජාතික පාසලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීගමුව ශාන්ත පීතර විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර දෙබරවැවදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 19 ක ජයක් අත්කර ගැනීමට දෙබරවැව ජාතික පාසල සමත් විය.

එහිදී චානුක ආසිංසන (99), ඉෂාන් අරවින්ද (88) සහ චතුර ජයනාත් (නොදැවී 55) දෙබරවැව ජාතික පාසල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර චතුර ජයනාත් ලකුණු 126 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 50.1 කදී සියලු දෙනා දැවී 183
(මොහොමඞ් ෆවුෂාන් 52, ශනිඳු මදුසංඛ නොදැවී 48, චතුර ජයනාත් 57/4)

දෙබරවැව ජාතික පාසල පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලු දෙනා දැවී 354
(ඉෂාන් අරවින්ද 88, චානුක ආසිංසන 99, චතුර ජයනාත් නොදැවී 55, දිනෙත් තත්සර 127/5)

ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - ඕවර 49 කදී සියලු දෙනා දැවී 152
(ශනිඳු මදුසංඛ 39, චතුර ජයනාත් 69/4)


- 036

 


අදහස් (0)

දෙබරවැව ජාතික පාසලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.