Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල ලෝක කුසලානයට

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල ලෝක කුසලානයට

ශනුක අරවින්ද - 2018 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනවාරි මස 9 වැනිදා සිට 22 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 5 වැනි ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලබන 66 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

පාකිස්තාන දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සභාව සංවිධානය කරන මෙම තරගාවලියේ මූලික වටයේ තරග අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හිදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 16 දෙනෙක් සහ නිලධාරීන් 4 දෙනෙක් ඇතුළත්ව සිටින අතර චන්දන දේශප්‍රිය විසින් ශ්‍රී ලංකං කණ්ඩායම මෙහෙයවනු ලබයි. ශ්‍රී ලංකාවට අමතරවට ඕස්ටේ්‍රලියාව, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය මෙම තරගාවලියට සහභාගි වන අතර නේපාලය ඊට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

මින් පෙර පැවැති ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිවලදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්ව ඇති අතර 2002 වසරේ ඉන්දියාවේ චෙන්නායිහි පැවැති තරගාවලියේදී පළමු වරට එංගලන්තය පරාජය කිරීමට සමත්වීම ඉන් ප්‍රධාන තැනක් ගනී. එම තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේද ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකි.

ඉන් අනතුරුව 2012 වසරේ ඉන්දියාවේදී පැවැති පළමු විස්සයි20 ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේදී ලෝක ශ්‍රේණිගතකිරීම් අතර තෙවැනි ස්ථානයට පත්වීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. 2014 වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැති ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමන් කුමාර සමත් වීමද සුවිශේෂී සිදුවීමක් විය.

අවසන් වරට (2017) ඉන්දියාවේ පැවැති විස්සයි20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉනිම් 5 කදී ශතක 5 ක් ලබාගනිමින් වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ  සුරංග සම්පත් සමත් විය.

2005 වසරේ සිට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායමට අනුග්‍රහය දක්වන ඩිල්මා සමාගම මෙම තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සහ ඩිල්මා සමාගම එක්ව ඉකුත් වසරේදී (2017) සංවිධානය කළ ඩිල්මා අභියෝග කුසලාන දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගෙන තිබේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට රුපියල් ලක්ෂ 11 ක් වටිනා උපකරණ තොගයක් ලබාදීමටත්, ගුවන් ප්‍රවේශපත් ලබාදීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලම මණ්ඩලය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති කේ. මතිවානන් මහතා ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා උපකරණ පිරිනැමූ අවස්ථාව.... ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශිය ක්‍රිකට් ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා සහ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීහුද ඡායාරූපයේ සිටිති.

-036

 


අදහස් (0)

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල ලෝක කුසලානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.