Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුලක්‍ෂගේ දස්කම් සිරි පියරතන විදුහලට ජය ගෙනෙයි

දුලක්‍ෂගේ දස්කම් සිරි පියරතන විදුහලට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2018 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ දෙවැනි තරගයකදී මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලට එරෙහිව ලකුණු 258 ක ජයක් හිමිකර ගැනීමට පාදුක්ක සිරිපියරතන විදුහල සමත්විය. මෙම තරගය පාදුක්ක සිරිපියරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

හේෂාන් ප්‍රනාන්දු (52) සහ කාවින්ද ඊෂ්වර (88) අර්ධ ශතක ලබාගනිමින් පාදුක්ක සිරිපියරතන විදුහල වෙනුවෙන් දස්කම් දැක්වූ අතර එම විදුහලේම දුලක්ෂ පිරීස් ලකුණු 48 ක් සහ ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

සිරිපියරතන විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 334
(හේෂාන් ප්‍රනාන්දු 52, කාවින්ද ඊෂ්වර 88, දුලක්ෂ පිරීස් 48, සවීන් රත්නසිරි 40, රසිඳු හංසක 33, ජනිත් ප්‍රනාන්දු 62/3)

හරිස්චන්ද්‍ර ජාතික පාසල- ඕවර 17.5 කදී සියලුදෙනා දැවී 76
(විකුම් සිල්වා නොදැවී 22, සත්සර ද සිල්වා 20, දුලක්ෂ පිරීස් 10/4, යසිරි දිනෙත් 31/2)


අදහස් (0)

දුලක්‍ෂගේ දස්කම් සිරි පියරතන විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.