Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිස්ත‍්‍රික්ක 3 ක තෝරාගත් පාසල් 46 කට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ක්‍රිකට් උපකරණ

දිස්ත‍්‍රික්ක 3 ක තෝරාගත් පාසල් 46 කට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ක්‍රිකට් උපකරණ

editorial - 2025 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කුරුණෑගල ජනුර් කිචිලාන්)

දිස්ත‍්‍රික්ක 3 ක  තෝරාගත් පාසල් 46 කට රුපියල් එක් කෝටි තිස් අටලක්ෂයක (1,38,00,000) ක් වටිනා ක‍්‍රිකට්  ක‍්‍රීඩා භාණ්ඩ පසුගියදා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්  බෙදා දෙන ලදි. ක්‍රීඩා අමාත්‍යංශයෙන්  පිරිනමන ලද මෙම ක්‍රිකට් භාණ්ඩ ඉකුත් අඟහරුවාදා (26 වැනිදා)  කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල  ශ‍්‍රවනාගාරයේදී බෙදා දෙන ලදි.

කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල  යන දිස්ත‍්‍රික්ක වල පාසල් සදහා   එක් පාසලකට රු ලක්ෂ 3 ක්   වටිනා ක‍්‍රිකට් ක‍්‍රීඩා උපකරණ බෙදා දෙන ලද්දේ දිවයිනේ  සියලූම පාසල්වල දරුවන් ක‍්‍රිකට්  ක‍්‍රීිඩාවට නැඹුරු කරවීමට බව අමාත්‍ය  නාමල් කරුණාරත්න මහතා පැවසීය.

මෙම අවස්ථාවට කුරුණෑගල  දිස්ත‍්‍රික් ලේකම් චන්දන දිසානායක මහතා සමගින්  විදුහල්පතිවරුන් සහ ක‍්‍රිඩා භාර ගුරුවරුන් සමග පාසල් සිසු දරු දැරියෝ විශාල පිරිසක් සහභාගි වූහ.


අදහස් (0)

දිස්ත‍්‍රික්ක 3 ක තෝරාගත් පාසල් 46 කට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ක්‍රිකට් උපකරණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.