Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO

දසුන්ට දඩ

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නාග්පූර්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක දසුන් ශානකට ඔහුගේ තරග මුදලින් 75% ක දඩයක් නියම කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභා රෙගුලාසි මාලාවේ 2.2.9 වගන්තිය අනුව තරග තීරක ඬේවඞ් බූන් මහතා විසින් දසුන් ශානකට මෙම දඩය පනවා තිබේ.

මෙම දඩයට අමතරව ඔහුට දඩ ලකුණු 3 ක් ද පනවා ඇත.

“මේ දසුන්ගේ තරග දිවියේ ආරම්භක සමයයි. මෙවැනි දඩයක් පැනවීම මගින් ඔහු ඉදිරියේදී පන්දුවේ සැබෑ තත්ත්වය ආරක්‍ෂා කරගැනීමට වඩාත් උනන්දු වන බව මට විශ්වාසයි” යයි දඩය ප්‍රකාශ කරමින් තරග තීරක ඩේවිඩ් බූන් මහතා පැවසීය.

 

ඩේවිඩ් බූන් මහතා

 


අදහස් (0)

දසුන්ට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.