Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිනුජ - කණිෂ්ක ශතක ලබති

දිනුජ - කණිෂ්ක ශතක ලබති

Nisanka Sandeepani - 2018 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ දෙවැනි වටයේ තරගයකදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 151 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත්විය. මෙම තරගය කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දිනුජ විජේබණ්ඩාර (119) සහ කණිෂ්ක රංතිලකගේ (115) ශතක රැස්කරමින් කොළඹ ආනන්ද විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ජනිඳු ජයවර්ධන ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ආනන්ද විදුහල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 375
(දිනුජ විජේබණ්ඩාර 119, කණිෂ්ක රංතිලකගේ 115, සෙනාර කුඩාගම 30, දසුන් තාරක නොදැවී 34, ශශික උමයංග 33, ජනිඳු ජයවර්ධන නොදැවී 22, රුචිර අධිකාරී 79/3)

පිළියන්දල ම.ම. විද්‍යාලය - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී 224
(චමෝද් සඳරු 49, හේසර දිලිකිත් 31, සසංක ලක්ෂාන් 28, සඳරු සත්සර 23, ජනිඳු ජයවර්ධන 38/4, කණිෂ්ක රංතිලකගේ 03/2, සහිරු බණ්ඩාර 60/2)


අදහස් (0)

දිනුජ - කණිෂ්ක ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.