Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 160 ජයක් හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල ඊයේ (31) සමත්විය. මෙම තරගය අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දීමන්ත බණ්ඩාර (නොදැවී 62) සහ අග්බෝ අමරසිංහ (55) අර්ධ ශතක රැස්කරමින් ත්‍රිත්ව විදුහල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූ අතර චතුර මදුශංක ලකුණු 49 කට කඩුලු 5 ක් දවාගනිමින් විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
අභිශේක් ආනන්දකුමාර කඩුලු 3 ක් ද කවිඳු ඩයස් සහ දෙව්මිණ කුලරත්න කඩුලු 2 බැගින් දවාගනිමින් විද්‍යාර්ථ විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
ත්‍රිත්ව විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 222
(දීමන්ත බණ්ඩාර නොදැවී 62, අග්බෝ අමරසිංහ 55, ශේන් ගුණතිලක 33, චතුර මදුශංක 49/5)
විද්‍යාර්ථ විදුහල - ඕවර 28 කදී සියලුදෙනා දැවී 62
(අභිශේක් ආනන්දකුමාර 01/3, කවිඳු ඩයස් 14/2, දෙව්මිණ කුලරත්න 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.