Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විදුහල අගමැති කුසලාන දිනයි
පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි

තර්ස්ටන් විදුහල අගමැති කුසලාන දිනයි

editorial - 2023 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පාසල් රග්බි සංගමය සංවිධානය කළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ‘අගමැති කුසලාන’ දිනාගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල අද (17 වැනිදා) සමත් විය.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 41-21 ක ජයක් වාර්තා කරමින් තර්ස්ටන් විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය.  

ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් තර්ස්ටන් ක්‍රීඩකයෝ, පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 22-14 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. එහිදී සුමංගල විදුහල ලකුණු ලබාගත්තේ ‍ගෝල දිනුම් 2 ක් මගිනි.

දෙවැනි අර්ධයේදී තර්ස්ටන් විදුහල ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 19 ක් රැස්කරද්දී, සුමංගල විදුහලට ගෝල දිනුමක් මගින් රැස්කරගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව නියමිත කාලය නිමාවට පත්වන විට තර්ස්ටන් විදුහලට ලකුණු 41-21 ක පහසු ජයක් හිමිවිය.


අදහස් (0)

තර්ස්ටන් විදුහල අගමැති කුසලාන දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.