Last Update  :  2024-05-19 14:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විදුහලටත් ගෘහස්ථ පුහුණු ශාලාවක්

තර්ස්ටන් විදුහලටත් ගෘහස්ථ පුහුණු ශාලාවක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ ප්‍රබල පාසලක් වන කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රිකට් ක්‍රීඩාවට පැවැති අඩුපාඩුවක්ව පුරවමින් රුපියල් ලක්‍ෂ 170 ක වියදමින් එම පාසල් භූමියේ ඉදිකළ නව ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ විවෘත කළේය.  එම විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඩී. වී. ශාන්ත සිල්වා මහතාගේ පෞද්ගලික ධනයෙන් මෙම ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

මෙම නව පුහුණු මධ්‍යස්ථානය පුහුණු තීරු තුනකින් සමන්විත වන අතර එහි පන්දුවට පහරදීමේ පුහුණුව ලැබීමට පන්දු යැවීමේ යන්ත්‍රයක් ද ස්ථාපිත කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පීත්ත පටිය කපා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසුව පන්දු යැවීමේ යන්ත්‍රයෙන් ක්‍රීඩකයකුට පන්දු යොමු කළ අතර ඉන් අනතුරුව සමරු සටහන් පොතේ දීර්ඝ සටහනක් ද තැබීය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ තර්ස්ටන් විදුහල් වැඩ බලන විදුහල්පති ලක්‍ෂ්මන් ඩයස් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
 


අදහස් (0)

තර්ස්ටන් විදුහලටත් ගෘහස්ථ පුහුණු ශාලාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.