Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩෙලන් පිරීස් තෝමසුවන්ට ජය ගෙනෙයි

ඩෙලන් පිරීස් තෝමසුවන්ට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2017 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ඊයේ (28 වැනිදා) සමත්විය. මෙම තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පළමු ඉනිමේදී ලකුණු 81 කට දැවී ගිය මලියදේව විද්‍යාලය පිට පිට දෙවැනි ඉනිමද ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි අතර සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 198 ක් පමණි. ලකුණු 48 කට කඩුලු 6 ක් දවාගත් ඩෙලන් පිරීස් තරගය පුරා පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 60 කට කඩුලු 9 ක් දවාගත්තේය.

ජයග්‍රහණය සදහා ලකුණු 55 ක ඉලක්කයක් හඹාගිය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය කඩුල්ලක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

සා. තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 62.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 225
(ඩෙලන් පිරීස් 40, මංතිල විජේසිංහ 22, දුලාජ් රණතුංග 66/4, සංජීව ප්‍රියදර්ෂණ 62/3)

මලියදේව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 30.5 කදී සියලුදෙනා දැවී ලකුණු 81
(දුලාජ් රණතුංග 30, ශැනන් ප්‍රනාන්දු 03/3, ඩෙලන් පිරීස් 12/3, පවිත් රත්නායක 27/2)

මලියදේව විද්‍යාලය - දෙවැන ඉනිම - ඕවර 68.3 කදී සියලුදෙනා දැවී ලකුණු 198
(චාලුක අතපත්තු 47, කවින් බණ්ඩාර 38, දුලාජ් රණතුංග 31, ඩෙලන් පිරීස් 48/6, ටෙහාන් ශෙස්ටර් 37/3)

සා. තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 10.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 60
 

 


අදහස් (0)

ඩෙලන් පිරීස් තෝමසුවන්ට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.