‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් 13 වැනි සතිය නිමාවන විට ඡන්ද 13,000 සීමාව පසුකර යෑමට සමත්ව සිටියි.
ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1,617 ත් සමග මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 13,386 කි.
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 7,512 ක් වන අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ඡන්ද 1,187 ක් ලබාගෙන තිබේ. ඒ අනුව පළමු ස්ථානයේ පසුවන ඩෙලන් සහ දෙවැනි ස්ථානයේ පසුවන සචින් අතර පැවැති ඡන්ද පරතරය 5444 සිට 5874 ක් දක්වා ඡන්ද 430 කින් ඉහළ ගොස් ඇතත් දෙදෙනාම පසුගිය සතියේදී ඡන්ද 1000 ඉක්මවා ලබාගැනීමට සමත්ව සිටිති.
ඉකුත් සතියේදී සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පැමිණි කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විහන් ගුණසේකර මේ වන විට ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 4,464 කි. කොළඹ ආනන්ද විදුහලේ අසේල් සිගේරා ඡන්ද 2,395 ක් ලබා එහි සිවුවැනි ස්ථානයේ පසුවේ.
කොළඹ කේරි විදුහලේ දෙනුවන් පෙරේරා ඡන්ද 6,034ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහලේ කෙනුල ගුණරත්න ඡන්ද 3,657 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණ සිටියි.
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම සිය ඡන්ද සංඛ්‍යාව 4,433 ක් දක්වා වර්ධනය කරගෙන ඇති අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ රත්නාවලී විදුහලේ පබසරා රණබාහු ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 2,894 කි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. www.dialog.lk/cricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමටද පාඨකයන්ට අවස්ථාව හිමිවේ.
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 අනුරාධ මායාදුන්නේ, 45/3, මිහිඳු මාවත, මාලබේ
2 සී.ඒ. වැම්බෙක්, 14, ලංකා මාතා පාර, රාගම
3 එල්.එල්.ඩී. සමරවික්‍රම, එච්. 2/3, ඇන්ඩසන් මහල් නිවාස, නාරාහෙන්පිට, කොළඹ 5
4 සුරවි සන්දීප, 141/1ඒ, මාබොදල, වේයන්ගොඩ
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.