Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩෙලන් - සචින් අතර පරතරය වැඩිවෙයි

ඩෙලන් - සචින් අතර පරතරය වැඩිවෙයි

Nisanka Sandeepani - 2017 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) හත්වැනි සතිය නිමාවන විට තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1408 ක එකතුවත් සමග මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 3662 කි. 
 
ඩෙලන් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමත් සමග එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට ඇද වැටුණු බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 1677 කි. ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇත්තේ ඡන්ද 606 ක් පමණි. 
 
ඒ අනුව පළමු ස්ථානයේ පසුවන ඩෙලන් සහ දෙවැනි ස්ථානයේ පසුවන සචින් අතර පැවැති ඡන්ද පරතරය 1183 සිට 1985 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඩෙලන්ට වඩා ඡන්ද 2531 ක් පසුපසින් සිටින කොළඹ ලුම්බිණි විදුහලේ කවීන් පීරිස් එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 1131 කි. 
 
මහනුවර ධර්මරාජ විදුහලේ දුලාජ් බණ්ඩාර සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ කළණ පෙරේරා පිළිවෙලන් ඡන්ද 529 ක් සහ 278 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගෙන සිටිති. 
 
කොටේටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ සොනාර කරුණාතුංග ඡන්ද 685 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර එම විදුහලේම තිමිර මල්ෂාන් ඡන්ද 351 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි. 
 
ඉකුත් සතිය නිමාවන විට බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි රත්ගම දේවපතිරාජ විදුහලේ කවීෂා දිල්හාරි දෙවැනි ස්ථානයට ඇද දමමින් එම කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම සමත්ව සිටින්නීය. 
 
ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 574 ක් ලබාගනිමින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 587 ක් දක්වා වර්ධනය කරගැනීමට හර්ෂිතා සමත් වෙද්දී ඡන්ද 49 ක් ලබා සිටින කවීෂා දිල්හාරිට ගෙවී ගිය සතිය තුළදී ලබාගැනීමට හැකි වී ඇත්තේ ඡන්ද 6 ක් පමණි. 
 
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. 
 
www.dialog.lk/cricket/register  යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට මෙම තරගය සඳහා ලියාපදිංචි විය හැකිය. තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය හරහා මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් 1 වැනිදා සිට ආරම්භ වන නමුත් නොවැම්බර් මස 30 වැනිදා දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය හැකිය. 
 
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ. 
 
 
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 අමල් සිසිර කුමාර, 214/10, හකුරුකුඹුර, මීරිගම 
2 වරුණ ජයසංක, ‘නිමල් සෙවන’, ඉහළ ඉඹුල්ගොඩ, ඉඹුල්ගොඩ 
3 අමානි පීරිස්, 20, සිල්වරි ක්‍රෙස්ට්, යටියන පාර, කැකුණදුර 
4 දිනුක් පීරිස්, 34/25, ධර්මරත්න පෙදෙස, රාවතාවත්ත, මොරටුව 
 
-036 

අදහස් (0)

ඩෙලන් - සචින් අතර පරතරය වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.