Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩකා ඩයිනමයිට්ස් පිලට කඩුලු 7 ක ජයක්

ඩකා ඩයිනමයිට්ස් පිලට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සහ චිතගොංග් වයිකින්ස් කණ්ඩායම අතර චිතගොංග්හිදී අද (27 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹා ගිය ඩයිනමයිට්ස් පිතිකරුවෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
 
සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක සකීබ් අල් හසන් (නොදැවී 22) සහ කැමරන් ඩෙල්පොට් (නොදැවී 43) ඩයිනමයිට්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු 24 කදී වාර්තා වූ ඩෙල්පොට්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 17 කදී වාර්තා වූ සකීබ්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු එවින් ලුවිස් පන්දු 31 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 75 ක් රැස්කරමින් ඩයිනමයිට්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. ජෝ ඩෙන්ලි (44) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 118 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලුවිස් සමත් වූ අතර පන්දු 39 කදී වාර්තා වූ ඩෙන්ලිගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොංග් වයිකින්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ලුක් රොන්කි පන්දු 40 කදී ලකුණු 59 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. චිතගොංග් ඉනිම ගොඩනැගීම සඳහා රොන්කිට අනගි සහායක් දුන් එනමුල් හක් පන්දු 47 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 73 ක් රැස්කළේය.

සිකන්දර් රාසා පන්දු 11 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 26 ක්ද, නජිබුල්ලා සද්රාන් පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 16 ක්ද රැස්කරමින් චිතගොංග් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


චිතගොංග් වයිකින්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 187
(ලුක් රොන්කි 59, එනමුක් හක් 73, නජිබුල්ලා සද්රාන් 16, සිකන්දර් රාසා නොදැවී 26)

ඩකා ඩයිනමයිට්ස් පිල - ඕවර 18.5 කදී කඩුලු 3 ක් දැවී 191
(එවින් ලුවිස් 75, ජෝ ඩෙන්ලි 44, සකීබ් අල් හසන් නොදැවී 22, කැමරන් ඩෙල්පොට් නොදැවී 43)


- 036

 


අදහස් (0)

ඩකා ඩයිනමයිට්ස් පිලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.