වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන පිළුමලුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට ටීජේ ලංකා සහ එල්.බී. ෆිනෑන්ස් යන කණ්ඩායම් ඊයේ (25 වැනිදා) සමත්විය.
එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම පරදවා කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ටීජේ ලංකා කණ්ඩායම සමත්වූ අතර අනෙක් අවසන් පූර්ව වටයේ මාස් යුනිචෙලා සහ එල්.බී ෆිනෑන්ස් කණ්ඩායම් අතර තරගයේ ලකුණු සමවුවද සුපිරි ඕවරයේ ජය හිමිකර ගැනීමට එල්.බී ෆිනෑන්ස් කණ්ඩායම සමත්විය.
ටීජේ ලංකා සහ එල්.බී ෆිනෑන්ස් කණ්ඩායම් අතර අවසන් මහා තරගය මේ මස 29 වැනිදා වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ටීජේ ලංකා පිලට කඩුලු 4 ක ජයක්
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(අකීල් ඉන්හාම් 38, ජෙහාන් මුබාරක් 32, දිල්හාන් කුරේ 25, චලන ද සිල්වා 21/3, ලසිත් මාලිංග 19/2, සචිත්‍ර සේනානායක 36/2)
ටීජේ ලංකා - ඕවර 33 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 161
(ශාලික කරුණානායක නොදැවී 60, සචිත්‍ර සේනානායක 36, චලන ද සිල්වා නොදැවී 25, සුරංග ශාලින්ද 18/2, ප්‍රනීත් විජේසේන 20/2, ළහිරු මදුශංක 39/2)
යුනිචෙලා - එල්.බී ෆිනෑන්ස් තරගයේ ලකුණු සමවෙයි
මාස් යුනිචෙලා - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලකුණු 201
(චාමර සිල්වා 55, නිරෝෂන් දික්වැල්ල 28, කුසල් ජනිත් 27, තිලකරත්න සම්පත් 21, ඇන්ජලෝ පෙරේරා 42/3, රජී වීරසිංහ 49/3, ශිරාන් ප්‍රනාන්දු 38/2)
එල්.බී. ෆිනෑන්ස් - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 201
(පියුමාල් පෙරේරා 46, චරිත් සුධාරක 45, අනුෂ්ක පෙරේරා 24, ලක්ෂාන් රොඩි්‍රගෝ 22, ශිරාන් ප්‍රනාන්දු 21, දුවිඳු තිලකරත්න 33/3, ඩිල්රුවන් පෙරේරා 27/2, ඉෂාර අමරසිංහ 36/2, සහන් නානායක්කාර 62/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.