Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික වෝටර් පෝලෝ ශූරතාව ගුවන් හමුදාවට

ජාතික වෝටර් පෝලෝ ශූරතාව ගුවන් හමුදාවට

editorial - 2022 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 2022 වෝටර් පෝලෝ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය. ගුවන් හමුදා කණ්ඩායමක් ජාතික වෝටර් පෝලෝ ශූරතාව දිනාගැනීමට සමත් වූයේ වසර 11 පසුව වන අතර මින් පෙර ඔවුන් එම ශූරතාවට හිමිකම් කියා තිබුණේ 2011 වසරේදීය.

මෙම තරගාවලිය දින 3 ක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති අතර එහි අවසන් මහ තරගයේදී ලකුණු 09-07 ක් ලෙස ආදි තෝමියන් පිහිනුම් සමාජය පරාජය කරමින් ගුවන් හමුදාව ශූරතාවට හිමිකම් කීවේය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ නායක ගුවන් භට ආර්.එල්.කේ. උදයත්‍ර සම්මාන දිනාගත් අතර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස කැඩෙට් නිලධාරී යූ.අයි.ඕ. ද සිල්වා සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති නේත්රූ නානායක්කාර මහතා සහ ගුවන් හමුදා ජල ක්‍රීඩා සංචිතයේ සභාපති එයාර් කොමදෝරු අසේල ජයසේකර මහතා සහභාගි විය.

ඡායාරූප - ගුවන් හමුදාව අනුග්‍රහයෙනි


අදහස් (0)

ජාතික වෝටර් පෝලෝ ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.