Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ තර්ස්ටන් විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර කටුනේරිය ශාන්ත සෙබස්කතියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් ලකුණු 135 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.
තර්ස්ටන් විදුහලේ ජයග්‍රහණයයේ නියමුවා වූ ජනුෂ්ක ප්‍රනාන්දු ඉනිම් දෙකේදීම ලකුණු 50 කට කඩුලු 12 ක් දවාගැනීමට සමත් වූ අතර සවන් ප්‍රභාත් (76 සහ 50) ඉනිම් දෙකේදීම නොදැවී අර්ධ ශතක ලබාගත්තේය.
තර්ස්ටන් විදුහල පළමු ඉනිම - ඕවර 58 කදී සියලු දෙනා දැවී 187
(සවන් ප්‍රභාත් නොදැවී 76, ජනිඳු ජයවර්ධන 64/3, සිසිත මදනායක 13/2)
බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම - ඕවර 27.5 කදී සියලු දෙනා දැවී 91
(ජනුෂ්ක ප්‍රනාන්දු 10/5, සඳරු ඩයස් 12/3)
තර්ස්ටන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 19 කදී කඩුලු 2 ක් දැවී 137
(සවන් ප්‍රභාත් නොදැවී 50, යේෂාන් වික්‍රමාරච්චි 40)
බණ්ඩාරනායක විදුහල දෙවැනි ඉනිම - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී 98
(ජනුෂ්ක ප්‍රනාන්දු 40/7)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.