Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනිෂ්ක - සුකිත ශතක ලබති

ජනිෂ්ක - සුකිත ශතක ලබති

Nisanka Sandeepani - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනිෂ්ක පෙරේරාගේ (නොදැවී 124) සහ සුකිත ප්‍රසන්නගේ (නොදැවී 111) විශිෂ්ට පිතිහරඹය හමුවේ ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ගලහිටියාව මැදි විදුහලට එරෙහිව ලකුණු 161 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල ඊයේ (31 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන සඳරුවන් චින්තක (109) ශතකයක් ලබාගැනීමට සමත්වුවද ගලහිටියාව මැදි විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.

ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රදුල ද සිල්වා සහ නදීර ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවාගත්හ.

ශා.සෙබස්තියන් විදුහල - ඕවර 50 කදී කඩුලු 3 ක් දැවී 346
(ජනිෂ්ක පෙරේරා නොදැවී 124, සුකිත ප්‍රසන්න නොදැවී 111, සඳරුවන් චින්තක 74/2)

ගලහිටියාව ම.ම. විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 185
(සඳරුවන් චින්තක 109, රදුල ද සිල්වා 18/3, නදීර ප්‍රනාන්දු 39/3, ජනිෂ්ක පෙරේරා 25/2)


අදහස් (0)

ජනිෂ්ක - සුකිත ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.