අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාවය සදහා පැවැත්වෙන තරග වටයේ සී.සී.සී සහ බදුරලිය කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී කඩුලු 4 ක් දැවී ලකුණු 361 ක් රැස්කිරීමට සී.සී.සී පිල සමත්විය.
රොන් චන්ද්‍රගුප්ත (130) ශතකයක් සහ මාධව වර්ණපුර නොදැවී ලකුණු 95 ක් රැස්කරමින් සී.සී.සී පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ.
තෙවැනි කඩුල්ල සදහා අශාන් ප්රියංජන් සමගින් ලකුණු 100 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රොන් චන්ද්‍රගුප්ත සිවුවැනි කඩුල්ල සදහා මාධව වර්ණපුර සමගින් ලකුණු 173 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.
පළඟ ශූරතාවය සදහා පැවැත්වෙන තරග වටයේ තවත් තරග දෙකක් බී.ආර්.සී සහ මුවර්ස් ක්‍රීඩාංගණ වලදී අද ආරම්භවූ අතර යුදහමුදා කණ්ඩායමේ දුශාන් විමුක්ති කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.
සී.සී.සී සහ බදුරලිය කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
සී.සී.සී 361/4
සී.සී.සී - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 361
(රොන් චන්ද්‍රගුප්ත 130, අශාන් ප්රියංජන් 66, මාධව වර්ණපුර නොදැවී 95, ලසිත් අබේරත්න නොදැවී 41, මදුර ලක්මාල් 64/2)
බ්ලූම්ෆීල්ඞ් සහ යුදහමුදා කණ්ඩායම් අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී
බ්ලූම්ෆීල්ඞ් 163, යුදහමුදාව 153/8
බ්ලූම්ෆීල්ඞ් - පළමු ඉනිම - ඕවර 38.3 කදී සියලුදෙනා දැවී ලකුණු 163
(නිසල් ෆ්රැන්සිස්කෝ 22, අදීශ නානායක්කාර 35, ප්‍රමෝද් හෙට්ටිවත්ත 33, රමේෂ් මෙන්ඩිස් 24, ළහිරු සමරකෝන් 21, දුශාන් විමුක්ති 77/6, මල්ක මදුශංක 17/3)
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 49 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 153
(අශාන් රංදික 30, ලියෝ ෆ්රැන්සිස්කෝ 31, දිල්ශාන් ද සිල්වා 35, අජන්ත මෙන්ඩිස් නොදැවී 24, මලිත් ද සිල්වා 66/3, රමේෂ් මෙන්ඩිස් 23/2, කසුන් රාජිත 30/2)
ද්‍රවිඩ සංගමය සහ මූවර්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
මූවර්ස් 260, ද්‍රවිඩ සංගමය 67/4
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 67.4 කදී සියලුදෙනා දැවී ලකුණු 260
(පබසර වඩුගේ 40, ඉරෝෂ් සමරසූරිය 44, ශනුක දුලාජ් 82, ප්‍රමෝද් ලියනගමගේ 53/4, ජීවන් මෙන්ඩිස් 97/4)
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 17 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 67
(සිතර ගිම්හාන් 22, ශිරාන් ප්‍රනාන්දු 34/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.