Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුකුල - ධර්මාලෝක වාර්ෂික ක්‍රිකට් තරගය 12-13

ගුරුකුල - ධර්මාලෝක වාර්ෂික ක්‍රිකට් තරගය 12-13

editorial - 2022 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැළණිය ගුරුකුල විද්‍යාලය සහ ධර්මාලෝක විද්‍යාලය අතර වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද සහ හෙට (12 සහ 13) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 32 වැනි වරටත් පැවැත්වෙන මෙම මහ ක්‍රිකට් තරගයේදී චමෝද් හේවාවිතාරණ විසින් ගුරුකුල විද්‍යාලයීය කණ්ඩායමද හසිඳු පියුමල් විසින් ධර්මාලෝක විද්‍යාලයීය කණ්ඩායමද මෙහෙයවනු ලබති.

මෙතෙක් පැවැති මහ තරග 31 දී ගුරුකුල විද්‍යාලය තරග 3 ක ජය හිමිකරගෙන තිබේ. ඉතිරි තරග 28 ම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

විදුහල් දෙක අතර 30 වැනි සීමිත ඕවර තරගය මේ මස 20 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි. මෙතෙක් පැවැති සීමිත ඕවර තරග 29 න් තරග 13 ක් ජයගැනීමට ගුරුකුල විද්‍යාලය සමත්ව ඇති අතර තරග 14 ක් ජයගැනීමට ධර්මාලෝක විද්‍යාලය සමත් වී තිබේ. තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් විය.

ගුරුකුල විද්‍යාලයීය කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් රසිත දිනේෂ් මහතා කටයුතු කරයි. බුද්ධි ප්‍රසන්න සහ නඳුන් කුලසේකර යන මහත්වරු සහාය පුහුණුකරුවෝ වෙති. අනිල් මංජුල කුමාර මහතා ගුරුකුල විද්‍යාලයීය කණ්ඩායම බාර ආචාර්යවරයාය.

ධර්මාලෝන විද්‍යාලයේ පුහුණුකරුවා ලෙසින් තිළිණ අනුරාධ මහතා කටයුතු කරයි. ප්‍රදීප් රොෂාන් මහතා සහාය පුහුණුකරුවා ලෙසින් කටයුතු කරයි. කැළුම් දේශප්‍රිය මහතා ධර්මාලෝක විද්‍යාලයේ කණ්ඩායම බාර ආචාර්යවරයාය.

 


ගුරුකුල විද්‍යාලයීය කණ්ඩායම
චමෝද් හේවාවිතාරණ (නායක), හේෂාන් නෙත්මිණ, තරිඳු මධුරංග, මෙන්ඩිස් සේනානායක, කුමාර ජයවර්ධන, තරුෂ දිල්සර, තත්සර එෂාන්, පූර්ණ කල්හාර, චත්රුක පෙරේරා, නිම්සර ප්‍රනාන්දු, අමන්ත පෙරේරා, ශෙහාන් ලීලාරත්න, ශහීන් අවිශ්ක, යුවනෙත් මධුසංක, බිම්සර හිරුෂාන්, කාංචන සිරිමෙවන් සහ මොහොමඩ් මුර්සාඩ්

 

ධර්මාලෝක විද්‍යාලයීය කණ්ඩායම
හසිඳු පියුමාල් (නායක), රන්දුනු විජේනායක (උපනායක), තරුෂ චන්දන, තුෂාන් සංඛපාල, සතිදු ප්‍රබෝධ, විශාල් සංජන, ටී.එම්.එච්. පියුමික, හෙලංක විදුරංග, නදිව් වේරද, උෂාන් එරංග, සනුර රුවන්ත, ඔමල් විහඟ, උමයංග එදිරිසිංහ, චමත් දිනුෂ, නුවන් මෙත්මල්, කවිශාන් නදීෂ, සනිරු නිම්නල්, උදිත ෂෙහාන්, හෂේන් ෂ්‍යාමල්, තෙමිර මිකාසන සහ චමුදිත කළණ


අදහස් (0)

ගුරුකුල - ධර්මාලෝක වාර්ෂික ක්‍රිකට් තරගය 12-13

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.