Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ I වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී මාතර රාහුල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත්විය.
හම්බන්තොට ලුණු සංස්ථා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් මාතර රාහුල විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 97ක් රැස් කළ අතර, එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ යසස් පුන්සිසි ලකුණු 18කට කඩුලු 4ක් දවාලීය. පිළිතුරු ඉනිම ආරම්භ කළ ගාල්ල මහින්ද විද්‍යාලය තරගය නිමාවන විට කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 101ක් රැස් කළේය.
අනුග පල්ලියගුරු සහ සෙනුක වරුසවිතාන ගාල්ල මහින්ද විද්‍යාලයේ පළමු ඉනිමේ 7වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීම කැපී පෙනිනි.
මාතර රාහුල විද්‍යාලය - පළමු ඉනිම ඕවර 43 කදී සියලු දනා දැවී 97 යි
(තරින්ද පල්ලියගේ 36, දිවාන් ශ්‍රී නිතිෂ් 31, යසස් පුන්සිසි 18/4, කෙවින් ගීමිත 17/3, සෙනුක වරුසවිතාන 10/2 )
ගාල්ල මහින්ද විද්‍යාලය - පළමු ඉනිම ඕවර 31 කදී කඩුලු 6 ක් දැවී 101 යි
(අනුග පල්ලියගුරු නොදැවී 39, සෙනුක වරුසවිතාන නොදැවී 32, පවන් දුල්සර 39/3, හිරුන් මනුග 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.