Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගම්පහ බණ්ඩාරනායකයට ලකුණු 226 ක ජයක්

ගම්පහ බණ්ඩාරනායකයට ලකුණු 226 ක ජයක්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී හලාවත ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව ලකුණු 226 ක ජයක් ලබාගැනීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සමත්විය. මෙම තරගය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශාන්ත මේරී විද්‍යාලයීය පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවාගැනීමට ගයාෂාන් හෙට්ටිආරච්චී සමත්වූ අතර දෙවැනි ඉනිමේදී අරෝෂ මදුෂාන් කඩුලු 6 ක් දවාගනිමින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන් සමත්වූහ.

බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 32.3 කදී සියලුදෙනා දැවී ලකුණු 161
(සිසිත මදනායක 34, මාධව සත්සර 33, මදාර දොලවත්ත 32, ඉරුෂික දිසානායක 48/5, චාරුක තරිඳු 44/2)

ශා.මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී ලකුණු 125
(ළහිරු තිලාන් 23, ඉරුෂික දිසානායක 21, ගයාෂාන් හෙට්ටිආරච්චී 42/5, මාධව සත්සර 17/3, සිසිත මදනායක 18/2)

බණ්ඩාරනායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 61.5 කදී සියලුදෙනා දැවී ලකුණු 238
(සිතිජ නවෝද් 64, දිලීප සඳරුවන් 45, සිසිත මදනායක 30, ගයාෂාන් හෙට්ටිආරච්චී 28, දිලුෂාන් ජයසංක 64/4, ඉරුෂික දිසානායක 64/3, චාරුක තරිඳු 58/2)

ශා.මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 16.3 කදී සියලුදෙනා දැවී ලකුණු 48
(අරෝෂ මදුෂාන් 24/6, මාධව සත්සර 04/2)


අදහස් (1)

ගම්පහ බණ්ඩාරනායකයට ලකුණු 226 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.