Last Update  :  2025-08-20 15:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ මහානාම අපරාජිතව අවසන් තරගයට
17න් පහළ I කොටසේ ක්‍රිකට්

කොළඹ මහානාම අපරාජිතව අවසන් තරගයට

editorial - 2025 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ මහානාම විද්‍යාලය සමත්විය.

යුද හමුදාවේ අඹේපුස්ස සිංහ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ මහානාම විද්‍යාලය විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ අපරාජිත බව බිඳ දමමින්  කඩුලු 5ක ජයක් ලබා අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මෙම තරගයේදී මේ දක්වා අපරාජිතව පසුවන කොළඹ මහානාම විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකරු කෞශික තිලකරත්න පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 53 ක් රැස් කළේය. පන්දුවෙන් දස්කම් දැක්වූ නායක තවිරු පෙරේරා ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත්තේය. 


කොළඹ රාජකීය විද්‍යාලය - ඕවර 43.1 කදී 144 යි 
(තෙවිඳු වේවැල්වල 36, දුෂේන් උඩවෙල 30, චේනුක මාරන්තොට 15, මනුත් දසනායක 13, හිරුන් ලියනආරච්චි 12, තවිරු පෙරේරා 15/3)

කොළඹ මහානාම විද්‍යාලය - ඕවර 38 කදී කඩුලු 5 ක් දැවී 147 යි 
(කෞශික තිලකරත්න 53, විහඟ පෙරේරා 29, සනුල් වීරරත්න 19, සිනෙත් වීරරත්න 13, දුල්නෙත් අල්ගෙවත්ත නොදැවී 12, දුෂේන් උඩවෙල 26/2, උෂිත ඉලේපෙරුම 28/2)

 


අදහස් (0)

කොළඹ මහානාම අපරාජිතව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.