
අෂේන් බණ්ඩාර...
(ශානුක අරවින්ද)
දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ තෙවැනි තරගයෙන් ඉනිමක සහ ලකුණු 132 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය.
ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 239 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් දඹුල්ල කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 107 ක් පමණි. ප්‍රභාත් ජයසූරිය සහ ලක්ෂිත මානසිංහ කඩුලු 3 බැගින් දවාගනිමින් දඹුල්ල දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූහ.
දෙවැනි දිනය වූ පෙරේදා (4 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 381 ක් ලබා සිටි කොළඹ කණ්ඩායම, ඊයේ (5 වැනිදා) දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 135 ක් එක්කර ගත්හ. එහිදී අෂේන් බණ්ඩාර (91) සහ ළහිරු මධුෂංක (68) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 277
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 36, අෂාන් ප්‍රියන්ජන් 61, ළහිරු සමරකෝන් 35, චමිඳු විජේසිංහ 54, මාලින්ද පුෂ්පකුමාර 35, ලක්ෂිත මානසිංහ 78/3, කසුන් රාජිත 32/2, නිසල තාරක 57/2, ප්‍රභාත් ජයසූරිය 57/2)
කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 516
(නිපුන් ධනංජය 114, ක්‍රිෂාන් අංජුල 20, සම්මු අෂාන් 41, රොෂේන් සිල්වා 57, අෂේන් බණ්ඩාර 91, ළහිරු මධුෂංක 68, ලක්ෂිත මානසිංහ 29, නිසල තාරක 47, මාලින්ද පුෂ්පකුමාර 141/5)
දඹුල්ල දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 107
(අෂාන් ප්‍රියන්ජන් 23, ළහිරු සමරකෝන් 19, දුවිඳු තිලකරත්න 20, ප්‍රභාත් ජයසූරිය 29/3, ලක්ෂිත මානසිංහ 38/3, සම්මු අෂාන් 09/2, කසුන් රාජිත 22/2)




ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.