Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොමිලා වික්ටෝරියන්ස් පෙරමුණට එයි

කොමිලා වික්ටෝරියන්ස් පෙරමුණට එයි

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග 42 කින් සමන්විත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුලික වටයේ මුල් තරග 24 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 10 ක් ලබා සිටින කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත්ව තිබේ.

ටමීම් ඉක්බාල් නායකත්වය දරන කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම, මේ වන විට තරග 6 කට සහභාගි වී ඉන් තරග 5 ක් ජයගෙන ඇති අතර පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණි.  

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සහ කුල්නා ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 9 ක් බැගින් ලබා සිටින අතර ශූද්ධ ලකුණු වේගය අනුව ඩයිනමයිට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයටද, ටයිටන්ස් කණ්ඩායම එහි තෙවැනි ස්ථානයටද පත්ව සිටියි.

මේ වන විට තරග 8 කට සහභාගි වී ඇති ඩයිනමයිට්ස් කණ්ඩායම ඉන් තරග 4 ක් ජයගෙන, තරග 3 ක් පරාජය වී ඇති අතර ඔවුන් සහභාගි වූ අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

මෙතෙක් තරග 7 කට සහභාගි වී ඇති ටයිටන්ස් කණ්ඩායම ඉන් තරග 4 ක් ජයගෙන ඇති අතර තරග 2 ක් පරාජයට පත්ව තිබේ. ඔවුන් සහභාගි වූ තරගයක්ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

කුමාර් සංගක්කාර ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර අකිල ධනංජය, සීක්කුගේ ප්‍රසන්න සහ ෂෙහාන් ජයසූරිය කුල්නා ටයිටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරති.

මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභින් අතර පෙරමුණ ගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ එවින් ලුවිස් සමත්ව සිටින අතර තරග 7 කදී අර්ධ ශතක 2 ක් සමගින් ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 239 කි. ඔහු මෙතෙක් රැස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ කුල්නා ටයිටන්ස් කන්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 69 යි.

පිට පිටම ලබාගත් අර්ධ ශතක 3 ක් සමගින් තරග 6 කදී ලකුණු 207 ක් ලබා සිටින ෂිලාත් සික්සර්ස් කණ්ඩායමේ උපුල් තරංග වැඩිම ලකුණු ලාභින් අතර තෙවැනි ස්ථානයේ පසුවෙයි.

කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ අබූ ජයේද් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර තරග 6 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 12 කි. මෙතෙක් ඔහුගේ හොඳම පන්දුයැවීම ලෙස සටහන් වන්නේ චිතගොංග් වයිකින්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගැනීමයි.

රාංපූර් රයිඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන තිසර පෙරේරා මෙතෙක් සහභාගි වූ තරග 6 කදී කඩුලු 7 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර 8 වැනි ස්ථානයේ පසුවේ.

 

 

- 036

 


අදහස් (0)

කොමිලා වික්ටෝරියන්ස් පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.