Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ I වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත්විය.
ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලයට පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකිවූයේ ලකුණු 68ක් පමණි. ඊට පිළිතුරු ලෙසින්
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 99ක් රැස්කර සිටියදී තම පළමු ඉනිම අත්හිටුවීය.
තරගය නතර කරන විට මාරවිල ශාන්ත ෂේවියර් විද්‍යාලය තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 36ක් රැස් කළේය.
මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 30.4 කදී සියලු දෙනා දැවී 68 යි
(සදෙව් හංසන 17, ශනුදිත හුලංගමුව 4/3, ඩිමාත් අබේකෝන් 11/2)
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 21 කදී කඩුලු 5 ක් දැවී 99 යි
(අමික ගොඩිගමුව 23, කවීන් පන්සිළු 24/3)
මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 13.2 කදී කඩුලු 4 ක් දැවී 36 යි
(හර්ෂිත ප්‍රනාන්දු නොදැවී 24, ගයන බණ්ඩාර 9/2, ඩිමාත් අබේකෝන් 14/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.