Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෑගලු රන් සටන ජය පැරදුමෙන් තොරයි

කෑගලු රන් සටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2023 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කෑගලු විද්‍යාලය සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති 41 වැනි ‘කෑගලු රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 65 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත මරියා විදුහල් ක්‍රීඩකයෝ තරගය නිමාවට පත්වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටියහ. 

පළමු දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 121 ක් ලබා සිටි ශාන්ත මරියා විදුහල, දෙවැනි දිනයේදී සියලු දෙනා දැවී ලකුණු 168 ක් ලබාගත්තේය. එහිදී නායක නවීන් තේමිය හතරේ පහරක් සමග ලකුණු 30 ක් රැස්කළේ පන්දු 104 කට මුහුණ දෙමිනි. 

ලකුණු 77 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ කෑගලු විද්‍යාලයේ දෙවැනි ඉනිම ලකුණු 141 කට සීමා කිරීමට චමෝද් බනුක ප්‍රමුඛ ශාන්ත මරියා විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ චමෝද් බනුක ලකුණු 61 කට කඩුලු 6 ක් බිඳහෙළමින් කෑගලු විද්‍යාලයීය ඉනිම අඩ පණ කළේය.

කෑගලු විද්‍යාල පළමු ඉනිම - ඕවර 31.4 කදී සියලු දෙනා දැවී 91 

ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 57 කදී සියලු දෙනා දැවී 168 
(නවීන් තේමිය 30, සමිත සඳරුවන් 23, මලීෂ ආකාෂ් 21, චානුක ප්‍රභාත් 11/2, දස්සන ගම්ලත් 42/2, කවිඳු ප්‍රකාෂ් 43/2) 

කෑගලු විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 53.5 කදී සියලු දෙනා දැවී 141 
(දස්සන ගම්ලත් 58, සස්මිත මානවසිංහ 22, චමෝද් බනුක 61/6, සුපුන් ලක්මාල් 17/2, චමෝද් ආකර්ෂ 28/2) 

ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 8.1 කදී කඩුලු 3 ක් දැවී 48 
(සමිත සඳරුවන් 16, දේෂාන් විමුක්ති 17/3) 

 


අදහස් (0)

කෑගලු රන් සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.