ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයට අවශ්‍ය ඉදිකිරීම් සඳහා සහයෝගය ලබාගැනීමේ අරමුණ ඇතිව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානනායක මහතා ඇතුළු ශ්‍රී ලංකා යුධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර හමුවක් ක්‍රීඩා අමාත්‍යාශයේදී පැවැත්විණ. ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු කාර්යංශයේ සහාය ලබාදීමට නව යුද හමුදාපතිවරයා කැමැත්ත පළ කර සිටියේය.
වසර 2021 දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා සංවර්ධනය කිරීමට නියමිත දියගම ක්‍රීඩා සංකීර්ණයේ නඩත්තු කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාවට පැවරීමටත්, කිලිනොච්චි නගරයේ ඉදිවෙමින් පවතින උතුරු පළාතේ ක්‍රීඩා සංකීර්ණයේ වැඩ නිම කිරීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බලකායක දායකත්වය ලබා ගැනීමට සහ නඩත්තු කටයුතු කිළිනොච්චිය ආරක්ෂක සේවා මූලාස්ථානය වෙත පැවරීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
ප්‍රථම ශ්‍රි ලාංකික ඔලිම්පික් පදක්කම්ලාභී ශ්‍රි ලංකා යුධ හමුදාවේ කපිතාන් ඩන්කන්වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරික සැමරුම වෙනුවෙන් ඩන්කන් වයිට් මහතා පදිංචිව සිටි මහනුවර නිවස ප්‍රතිසංස්කරණය කිරිමට ද ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබාදීමට නව යුද හමුදාපතිවරයා කැමැත්ත පළ කළේය. ක්‍රීඩා අමාත්‍යාංශයේ රජත ජයන්ති සැමරුම නිමිත්තෙන් 2017 දෙසැම්බර් 15,16,17 දිනයන්හි නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය, තුරඟ තරගපිටිය හා ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිත ක්‍රීඩා ප්‍රදර්ශනය හා සැණකෙළිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහාය ඉල්ලා ගරු අමාත්‍යතුමා කල ඉල්ලීමටද යුද හමුදාපතිවරයා කැමැත්ත පළ කළේය
ශ්‍රි ලංකා යුද හමුදාවට අනුයුක්තව සිටින ජාතික සංචිතගත ක්‍රිඩක ක්‍රිඩිකාවන් දීර්ඝකාලීන පුහුණුව සඳහා පුර්ණකාලීන නිදහස් කර ගැනීම, සංචිත සඳහා අලුතින් තෝරාගනු ලබන දක්ෂතා ඇති ක්‍රිඩක ක්‍රීඩිකාවන් තවදුරටත් යුද හමුදාවට බඳවා ගැනීමට සලකා බැලීම, යුද හමුදා ක්‍රීඩා සංකීර්ණ හා යටිතල පහසුකම් පළාත් හා ජාතික සංචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම සඳහා භාවිත කිරිමට යෝග්‍ය වැඩපිළිවෙලක් සැකසීම, යුද හමුදා සාමාජිකයින් අතුරින් විවිධ ක්‍රීඩා ඉසව් සඳහා හැකියාවන් හා විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට ක්‍රීඩා අමාත්‍යංශයට හා ක්‍රීඩා සංගම් වෙත අවස්ථාව ලබා දීම, ක්‍රීඩා හා ශාරීර සුවතා වැඩසටහන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරිම සඳහා සහාය ලබා දීම සහක්‍රිඩා ශක්ති ඉදිරි දැක්ම ව්‍යාපෘතිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරිම සඳහා සහාය ලබා දීම පිළිබදව ද සාකච්ඡාවට ලක්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.