‘සන්ඬේ ඔබ්සර්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් ආනන්දඅප්පා මහතා අභාවප්‍රාප්ත විය. මිය යනවිට 69 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.
ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස 1984දී ‘සන්’ පුවත්පතෙන් වෘත්තිය ඇරඹු ඒ මහතා අනතුරුව ලේක්හවුස් ආයතනයට බැඳී එහි ‘සන්ඬේ ඔබ්සවර්’ පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කිරීම ඇරඹූ ඔහු වසර 29ක් පුරා මිය යනවිටත් එහි ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.
ආනන්දඅප්පා මහතා කඳාන ද මැසිනද් හා කොළඹ ආනන්ද යන විදුහල්හි ආදි සිසුවෙකි. මැසිනද් විදුහලේ කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රිඩකයෙකු ලෙස දක්‍ෂතා දැක්වූ ඔහු පසුව ආනන්ද විදුහලට ඇතුළත්වීමෙන් පසුව 1967-68-69 යන වසරවලදී එහි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කර තිබේ.
අනතුරුව නාවික හමුදා ක්‍රීඩා සමාජයටද ක්‍රීඩා කර තිබෙන ඔහු ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කිරීම හමාර කිරීමෙන් පසුව ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස මෑත කාලය දක්වා කටයුතු කර තිබේ.
ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනකු අතර ප්‍රියමනාප පුද්ගලයෙකු වූ ආනන්දඅප්පා මහතා ගායකයෙකු ලෙසත් දක්‍ෂතා පළකර තිබෙන අයෙකු වන අතර ඔහු සිය ගී නිර්මාණ ඇතුළත් සංයුක්ත තැටියක් එළිදැක්වීමටද කටයුතු කළේය.
ඒ අතර 1996 ලෝක කුසලාන තරග ශ්‍රී ලංකා ජයග්‍රහණය අළලා ඔහු ගීත නිර්මාණයක්ද ඉදිරිපත් කර සිටියේය.
ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස ඔහු ගෙවු දීර්ඝතම කාලය තුළදී අන්තර් ජාතික තරගාවලි රැසක මාධ්‍ය ආවරණයට ඔහු දායක වී තිබේ.
ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරෙන දිනය අද රාත්‍රිය වනවිටත් තීරණය වී නොතිබුණි. දේහය බොරැල්ල ඒ.එෆ්. රේමන්ඞ් මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
ඔහුගේ අවසන් කටයුතු නියමකර ගැනිමෙන් පසුව බොරැල්ල කනත්තේදී එය සිදුකිරීමද තීරණය වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.