Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් රන් පදක්කම ඕස්ට්‍රේලියාවට

ක්‍රිකට් රන් පදක්කම ඕස්ට්‍රේලියාවට

editorial - 2022 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම දිනාගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ඊයේ (7 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ රන් පදක්කම දිනාගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි. නායිකා හර්මන්ප්‍රීත් කෞර් පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 65 ක් රැස්කළද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඈෂ්ලි ගාඩ්නර් ලකුණු 16 කට කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් වූ අතර ඉන්දීයානු කාන්තා කණ්ඩායමේ ජයග්‍රාහි මාවත අවහිර කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් මේගන් ෂූට් ලකුණු 27 කට කඩුලු  2 ක් දවාගත්තාය. ඉන්දීය ක්‍රීඩිකාවන් තිදෙනකුම  දුවද්දී දැවී යාම අනපේක්ෂිත අවාසියක් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 161 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණි බෙත් මූනි පන්දු 41 කදී ලකුණු 61 ක් රැස්කළේ හත‍රේ පහර 8 ක් සමගිනි.

 නායිකා මෙග් ලැනිං (36) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මූනි සමත් වූවාය. පන්දු 26 කට මුහුණදුන් ලැනිංගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. ඈෂ්ලි ගාඩ්නර් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකණු 25 ක් රැස්කළාය.

අවසන් තරගයේදී පරාජයට පත්වීම නිසා න් ඉන්දියාවට රිදී පදක්කම හිමිවූ අතර තෙවැති ස්ථානය තේරීමේ තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කළ නවසීලන්තය එම ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.


ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 161
(බෙත් මූනි 61, මෙග් ලැනිං 36, ඈෂ්ලි ගාඩ්නර් 25, රචෙල් ‍හේන්ස් නොදැවී 18, රේනුකා සිං 25/2, ස්නේහා රානා 38/2)

ඉන්දීය කාන්තා පිල - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 152
(ජෙමීමා රොඩ්‍රිගුවස්  33, හර්මන්ප්‍රීත්‍ කෞර් 65, ඈෂ්ලි ගාඩ්නර් 16/3, මේගන් ෂූට් 27/2)

 -036


අදහස් (0)

ක්‍රිකට් රන් පදක්කම ඕස්ට්‍රේලියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.