Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කළුතර විද්‍යාලයට ඉනිමක ජයක්

කළුතර විද්‍යාලයට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වැනි කොටසේ තරගයකදී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 97 ක ජයක් ලබාගැනීමට කළුතර විද්‍යාලය අද (26 වැනිදා) සමත්විය. මෙම තරගය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කළුතර විද්‍යාලය වෙනුවෙන් ප්‍රමෝද් වනසිංහ (88) අර්ධ ශතකයක් ලබාගත් අතර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලීය දෙවැනි ඉනිම අඩු ලකුණු සංඛ්‍යවකට සීමා කිරීමට දායකවූ ශවීන් දිල්මින් ලකුණු 12 කට කඩුලු 5 ක් දවාගත්තේය.

 

ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.3 කදී සියලුදෙනා දැවී ලකුණු 126
(අවිශ්ක සිරිවර්ධන 46, තිමිර මල්සාන් 33, චමිඳු සෙත්මිණ 33, අවිශ්ක ලක්ෂාන් 57/4, කවිඳු ජයශාන් 41/3)

කළුතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 80 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 279
(ප්‍රමෝද් වනසිංහ 88, කවිඳු ගයාශාන් 38, දුනෙත් ජයතුංග 35, අවිශ්ක ලක්ෂාන් 33, විසර ප්‍රනාන්දු 23, තිමිර මල්ෂාන් 102/3, ඉසුරු අවින්ද 53/2)

ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 41.2 කදී සියලුදෙනා දැවී ලකුණු 56
(ශවීන් දිල්මින් 12/5, කවිඳු ජයශාන් 15/2)

 


අදහස් (0)

කළුතර විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.