Last Update  :  2025-12-16 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කස්ටම්ස් පිල ලකුණු 46 කට සීමාවෙයි

කස්ටම්ස් පිල ලකුණු 46 කට සීමාවෙයි

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ අද (7 වැනිදා) ආරම්භවූ තරගයකදී මහනුවර කස්ටම්ස් පිලේ පළමු ඉනිම ලකුණු 46 කට සීමා කිරීමට නාවික හමුදා පිල සමත්විය.

එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ සවිඳු පිරීස් ලකුණු 07 කට කඩුලු 5 ක් දවාගත් අතර ඩිලංක අවර්ඞ් ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.

අකිල් ඉන්හාම්ට (13) ලකුණු 10 සීමාව පසුකිරීමට සමත් වුවද වෙනත් කිසිදු පිතිකරුවකුට අවස්ථාවක් ලබානොදීමට නාවික හමුදා පිලලේ පන්දු යවන්නෝ වග බලාගත්හ.

පළමු දිනට අද තරගය අවසන් කරන විය නාවික හමුදා පිල සිය පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 219 ක් රැස්කර සිටියේය.

සුපුන් ලීලාරත්න (62) සහ තරුෂාන් ඉද්දමල්ගොඩ (65) අර්ධ ශතක ලබාගනිමින් නාවික හමුදා ලකුණු මට්ටම ඉහළ දැමීමට සමත්වූහ.

තවත් තරග 4 ක් අද පැවැති අතර කළුතර නාගරික පිලේ ඉෂාන් අබේසේකර, වරාය අධිකාරි පිලේ චානක කොමසාරු කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

මහනුවර කස්ටම්ස් සහ නාවික හමුදා කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
මහනුවර කස්ටම්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 46
(සවිඳු පිරීස් 07/5, ඩිලංක අවර්ඩ් 21/4)
නාවික හමුදා පළමු ඉනිම -  කඩුලු 6 ක් දැවී 219
(සුපුන් ලීලාරත්න 62, තරුෂාන් ඉද්දමල්ගොඩ 65, ඩබ්ලිව්.මයන්ත 25, සචිත්‍ර පෙරේරා 69/4)

 

පොලිස් පිලට කඩුලු 3 ක ජයක්
කළුතර නාගරික සහ පොලිස් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
කළුතර නාගරික පළමු ඉනිම -  සියලුදෙනා දැවී 160
(නවීඩ් සර්වාර් 21, හසිත නිර්මාල් 45, ආර්.පුංචිහේවා 37, අසෙල් සිගේරා 30/4, මොහොමඞ් ෆාහිම් 43/3, සුජාන් මයුර 21/2)
පොලිස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 184
(ලක්ෂාන් රොඩිරිගූ 25, මදුරංග සොයිසා 49, වී.ඉන්දුල්කාර් 20, ගිතාන්ෂ් කේරා 65, ඉෂාන් අබේසේකර 48/5, ආර්.පුංචිහේවා 34/2, හසිත නිර්මාල් 50/2)
කළුතර නාගරික දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 160
(හෂාන් චාමර 23, එරංග රත්නායක 34, ආර්.පුංචිහේවා 24, ඉෂාන් අබේසේකර 40, මංජුල ජයවර්ධන 31/4, ළහිරු දියන්ත 44/3, අසෙල් සිගේරා 37/2)
පොලිස් දෙවැනි ඉනිම -  කඩුලු 7 ක් දැවී 137
(සුපුන් මධුෂංක 31, ගිතාන්ෂ් කේරා නොදැවී 43, ඉෂාන් අබේසේකර 76/4, හසිත නිර්මාල් 33/3)

 

සෙබස්තිනයිට්ස් පිල ලකුණු 71 ක් ඉදිරියෙන්
සෙබස්තිනයිට්ස් සහ පානදුර කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
සෙබස්තිනයිට්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 126
(කිරන් ජෝෂී 33, ප්‍රභාත් ද සොයිසා 21, චලන ද සිල්වා 28/5, උමේෂ් කරුණාරත්න 30/3)
පානදුර පළමු ඉනිම -  සියලුදෙනා දැවී 238
(විශ්ව චතුරංග 46, සංජික රිද්ම 39, හර්ෂ කුරේ 20, උමේෂ් කරුණාරත්න 56, රාජු ගයාෂාන් 21, රොෂාන් ජයතිස්ස 23, නවීන් ගුණවර්ධන 40/4, කුමාර් බොරෙස 66/4)
සෙබස්තිනයිට්ස් දෙවැනි ඉනිම -  කඩුලු 6 ක් දැවී 183
(කිරන් ජෝෂී 59, සචින් ප්‍රනාන්දු 49, අසාර් අට්ටාරී 15/3, චලන ද සිල්වා 92/2)

 

කොමසාරුගෙන් කඩුලු 5 ක්
වරාය අධිකාරිය සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
කුරුණෑගල යොවුන් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 235
(සමීර සඳමාල් 21, කේෂාන් වන්නිආරච්චී 97, රංදීර රණසිංහ 82, චානක කොමසාරු 72/5, රජීව් වීරසිංහ 57/4)
වරාය අධිකාරි පළමු ඉනිම -  කඩුල්ලක් දැවී 28

 

ගුවන් හමුදා පිල ලකුණු 96 කට සීමාවෙයි
ගුවන් හමුදාව සහ ගාල්ල කණ්ඩායම් අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදා පළමු ඉනිම -  සියලුදෙනා දැවී 96
(උදයවංශ පරාක්‍රම 22, නිලුෂාන් නෝනිස් 23, කවික දිල්ෂාන් 29/3, සාරංග රාජගුරු 07/2)
ගාල්ල පළමු ඉනිම -  කඩුලු 6 ක් දැවී 165
(ජාකොබ් සචින් 35, විනුර දුල්සර නොදැවී 60, අරවින්ද ප්‍රේමරත්න 25/3, රෂින්ද්‍ර සිල්වා 47/2)

 


අදහස් (0)

කස්ටම්ස් පිල ලකුණු 46 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.