Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබාගැනීමට කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අද (26 වැනිදා) සමත්විය. මෙම තරගය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයපුරා පන්දුවෙන් දස්කම් දැක්වූ රවිඳු මිලාන් ලකුණු 37 කට කඩුලු 9 ක් දවාගනිමින් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට තරගයේ ජය හිමිකර දීමට දායකවිය.
අනුරාධපුර ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී ලකුණු 79
(අස්මික ප්‍රමෝදන නොදැවී 26, රවිඳු මිලාන් 10/5, සමිත් ඉසුරු 31/3, දිනුප සෙවුමිණ 05/2)
කරන්දෙණිය ම.ම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 64 කදී සියලුදෙනා දැවී ලකුණු 202
(සමිත් ඉසුර 41, ඉශාර මදුවන්ත 35, ගිහාන් මදුශාර 35, දිමුත් සඳරුවන් 32, රවිඳු මිලාන් 22, අශාන් කවිඳු 32/3)
අනුරාධපුර ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 65.3 කදී සියලුදෙනා දැවී ලකුණු 140
(චමෝද්‍ය ඉඳුවර නොදැවී 46, හේෂාන් ශෙනිර 27, රවිඳු මිලාන් 27/4, ඉශාර මදුවන්ත 15/2)
කරන්දෙණිය ම.ම විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 5.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 20
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.