Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කමිල් මිශාර රාජකීය විදුහලට ජය ගෙනෙයි

කමිල් මිශාර රාජකීය විදුහලට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (11 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ කොළඹ රාජකීය විදුහලේ කමිල් මිශාර ලකුණු 05 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. තෙවිඳු සෙනාතන සහ මනුල පෙරේරා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

ශ්‍රී ජයවර්ධනපුර විදුහල - ඕවර 17.1 කදී සියලුදෙනා දැවී 53
(චමෝද් සුපුන් 22, කමිල් මිශාර 05/4, තෙවිඳු සෙනාතන 06/2, මනුල පෙරේරා 01/2)

රාජකීය විදුහල - ඕවර 9.5 කදී කිසිවකු නොදැවී 54
(ඉසුවර දිසානායත නොදැවී 35)


අදහස් (0)

කමිල් මිශාර රාජකීය විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.