Last Update  :  2025-12-15 18:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කන්නංගර විදුහලට කඩුලු 8 ක විශිෂ්ට ජයක්

කන්නංගර විදුහලට කඩුලු 8 ක විශිෂ්ට ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පැවැති තරගයකදී, කොළඹ බ්‍රිතාන්‍ය පාසලට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලැබීමට කොළඹ සී.ඩබ්.ඩබ් කන්නංගර විද්‍යාලය පෙරේදා (10 වැනිදා) සමත් විය. මෙම තරගය වත්තල ලයිසියම් ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ගිම්හාන් තීක්ෂණ නොදැවී ලකුණු 86 ලබා ගනිමින් කන්නංගර විද්‍යාලය ජයග්‍රහණය වෙත කැඳවා ගියේය.


බ්‍රිතාන්‍ය පාසල - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී ලකුණු 138
(විනෝද් වීරසිංහ 40, කවිදු සුභසිංහ 30, අනුෂ්ක සමුජිත 27/3,විභූති උෂාන් 09/2 )

සී.ඩබ්.ඩබ් කන්නංගර විද්‍යාලය - ඕවර 30 කදී කඩුලු 2 කට ලකුණු 142
(ගිම්හාන් තීක්ෂණ නොදැවී 86 )

 


අදහස් (0)

කන්නංගර විදුහලට කඩුලු 8 ක විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.