(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ බාලිකා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මින්නේරිය කාලතුවක්කු හමුදා ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය විසින් බදුල්ල දිස්ත්‍රික් බාලිකා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 6 කින් පරාජය කරන ලදි.
බදුල්ල දිස්ත්‍රික් බාලිකා ක්‍රිකට් පිල - ඕවර 25 කදී කඩුලු 5 ට 113 යි
(සිවකුමාර් වර්ෂණී නොදැවී 45, කවීෂා සත්සරණි 20, උදාරා සංදීපනී 21/2)
කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 23.1 කදී කඩුලු 4 ට 116 යි
(තරුෂිකා අමරසිංහ නොදැවී 52, දිදුලනී ඉලංගතිලක 23, සිවකුමාර් වර්ෂණී 23/2)

තරුෂිකා අමරසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.