Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්ලේ මුල් පුටුව සහන්ට

එල්ලේ මුල් පුටුව සහන්ට

ශනුක අරවින්ද - 2018 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා නිතරගයෙන් පත්විය. මීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේදී පැවැති එල්ලේ සම්මේලනයේ නිලවරණය (2017-19) මාස හයක පමණ ප්‍රමාදයකින් පසුව පැවැත්වීමට සිදුවූ අතර එහිදී ප්‍රධාන ලේකම් ධුරයට වැඩි ඡන්ද 30 කින් පත්වූයේ සිරිල් පෙරේරා මහතාය.

නව සභාපති සහන් ප්‍රදීප් විතාන මහතා කඩවත ශ්‍රී එක්සත් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙවර නිලවරණයට ඉදිරිපත් වූ අතර මීට පෙර එහි තනතුරු දරා නොමැත.

හිටපු සභාපති, හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා මෙවරත් සභාපති ධුරයට නාම යෝජනා ඉදිරිපත් කර තිබුණත් නිලවරණයට සහභාගී නොවීය. තමන් නිලවරණයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් පත්වන නව නිලධාරී මණ්ඩලයට සුභ පැතුම් පිරිනමන බවත් සඳහන් කරමින් සරත් කුමාර ගුණරත්න මහතා සභාවට ලිපියක් එවා තිබුණි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකුගේ අධීක්‍ෂණයෙන් මෙවර නිලවරණය පැවැත් වූ අතර එහිදී නාමයෝජනා ඉදිරිපත් කර නොතිබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති, භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික ධුර විශේෂ මහ සභා රැස්වීමක් ඉදිරියේදී කැඳවා පිරවීමට තීරණය කෙරුණි.

ලේකම් ධුරය සඳහා පැවති ඡන්ද විමසුමේදී ප්‍රතිවාදී අපේක්‍ෂක වජිර ඉන්දික මහතා ලබා ගත්තේ ඡන්ද නවයක් පමණි. නව ලේකම් සිරිල් පෙරේරා මහතා එල්ලේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් පිරිපුන් නිලධාරියකුවන අතර ඔහු මීට පෙර එල්ලේ සම්මේලනයේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු තුනම දරා තිබෙන නිලධාරියෙකි.

සෙබස්තියන් පෙරේරා (ඡන්ද 4), හිටපු උප සභාපතිවරයකුවන කරුණාරත්න පෙරේරා (11) යන මහත්වරු උප සභාපති ධුර සඳහා තරග වැදී පරාජයට පත්වූ අපේක්‍ෂකයෝ වෙති.

සංවිධායක ධුරය සඳහා නාමයෝජනා බාරදී තිබුණු අජිත් සිල්වා මහතා එය ඉල්ලා අස්කර ගැනීම නිසා ඊට චාමර සේරසිංහ මහතා නිතරගයෙන් පත්විය.

රෝහිත දේවපුර, තිලකානන්ද පෙරේරා හා විපුල සිරි සිල්වා යන මහත්වරු උප ලේකම් ධුර සඳහා තරග වැදුණත් ඔවුන් ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් නොලැබීම නිසා එම ධුරවලට පත්වීමට අපොහොසත් වූහ.

නිලවරණය සඳහා ක්‍රීඩා සමාජ 67 ක නියෝජිතයෝ සහභාගී වූහ. එල්ලේ සම්මේලනයේ සාමාජික මුළු ක්‍රීඩා සමාජ ගණන 154 කි.
නව සභාපති සහන් ප්‍රදීප් විතාන මහතා සභාව අමතමින් පැවසුවේ එල්ලේ ක්‍රීඩාව නැංවීම සඳහා අළුත් වැඩසටහනක් හඳුන්වා දෙන බවත් සිය කාලසීමාවේ පළමු වසර තුළදීම ඉන් වැඩි කොටසක් සම්පූර්ණ කිරීමට උනන්දු වන බවත් පැවසීය.

සුභානි උඩවත්ත මහත්මිය සහ ඒ.ජී. ගුණතිලක මහතා ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලවරණය නිරීක්‍ෂණය කළේය. පසුගිය නිල කාලයේ විගණන වාර්තා විගණනය කිරීමේ ප්‍රමාදය නිසා මෙවර එල්ලේ නිලවරණය පසුගිය මැයි මාසයේ සිට පැවැත්වීමට ගත් උත්සාහයක් සාර්තක නොවූහ.

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නව නිලධාරි මණ්ඩලය (2017-19)

  • සභාපති:- පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා (නිතරගයෙන්)
  • ලේකම්:- ඩබ්. ඒ. සිරිල් පෙරේරා මහතා (ඡන්ද 39)
  • උප සභාපතිවරු:- ඩබ්. ලයනල් ජෝතිරත්න (43), ධර්මදාස මීගොඩ (36), රොයිස්ටන් බෙන්ජමින් (30), යන මහත්වරු
  • උප ලේකම්වරු:- කමල් පෙරේරා (29), සුදත් ධම්මික (26) නිමල් චන්ද්‍රසිරි (25) යන මහත්වරු
  • සංවි්ධායක:- ඒ. ඩී. චාමර සේරසිංහ මහතා
  • විධායක සභාව:- (11):- චන්ද්‍රපාල දඹගොඩ (42), නිහාල් ජයතිස්ස (41), ආර්. පී. ජයරත්න (40), එස්. සත්‍යදාසන් (38), ඒ. ඩී. ටිලන්ක විජේවිර, ප්‍රියන්ත කළුආරච්චි (37), ලසන්ත කුමාර මධුරප්පෙරුම (34) රෝයි ප්‍රීති නිශාන්ත (33), මධුර පෙරේරා (30), ජනක සුමිත් (30), ඩෙන්සිල් ප්‍රනාන්දු (28) යන මහත්වරු

 


අදහස් (0)

එල්ලේ මුල් පුටුව සහන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.