Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ බදුල්ල පාලිත ආරියවංශ, ලුණුගල ප්‍රසන්න පද්මසිරි)
බදුල්ල ධර්මදූත විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල අතර 75 වැනි වරට සංවිධානය කරන ‘ඌව සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (27) සහ හෙට (28) බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ .
බදුල්ල ධර්මදූත විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු මෙන්ම හිටපු විදුහල්පතිවරයකු වූ ආර්.එච් . ගුණවර්ධන සහ බදුල්ල ඌව මහ විදුහලේ හිටපු විදුහල්පතිවරයකු වූ වී. සෙල්වයියා යන මහත්වරුන් 1920 වසරේදී මෙම ‘ඌව සංග්‍රාමය’ ක්‍රිකට් තරගාවලිය ඌව පළාතේ පළමුවරට ආරම්භ කර ඇත.
එතැන් පටන් මේ දක්වා දෙවිදුහල් අතර ක්‍රිකට් තරග 74 ක් පැවැති අතර, ඉන් බදුල්ල ඌව මහ විදුහල තරග14ක්ද බදුල්ල ධර්මදූත විදුහල විසින් තරග 12ක් ද ජයගෙන ඇති අතර තරග 48ක් ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.
මෙවර බදුල්ල ධර්මදූත විදුහල් කණ්ඩායමේ නායක ලෙස එම්.ඒ.කේ.එස්. මුණසිංහ, උපනායක ලෙස ආර්.එම්.ටී.හංසජ කටයුතු කරන අතර, තුන් ඉරියව් ක්‍රීඩකයන් පස්දෙනකු, වේගපන්දු යවන ක්‍රීඩකයන් තිදෙනෙකු, දඟපන්දු යවන ක්‍රීඩකයන් තිදෙනකු එම කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
එම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස නායක එම්.ඒ.කේ.එස්. මුණසිංහ කටයුතු කරයි.
එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමිල වීරසේකර, සහාය පුහුණුකරු ලෙස සී. අබේසේකර ද ක්‍රීඩා අංශභාර ලෙස එන්.එස්.බී. දිසානායක ද කටයුතු කරති.
බදුල්ල ඌව මහ විදුහලේ කණ්ඩායම් නායක ලෙස ආර්.එම්. තේජාන් අභිශේක්ද, උපනායක ලෙස එම්. චාමික රිෆ්කාන්ද කටයුතු කරන අතර, එම කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයො හත්දෙනක්, දඟපන්දු යවන්නෝ තිදෙෙනක් සහ වේගපන්දු යවන්නෝ තිදෙෙනක් ඇතුළත්ව සිටිති.
මෙහි කඩුලු රකින්නා ලෙස හිරුක සස්මිත කටයුතු කරයි .
කේ.ජී. අමිල් තරංග එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, සහාය පුහුණුකරු ලෙස ඩී.එම්. රෝචනත්, ක්‍රීඩා අංශභාර ලෙස ඊ.ඩී.ආර්. මෙන්ඩිස් යන මහත්වරු කටයුතු කරති.
බදුල්ල ධර්මදූත විදුහල
බදුල්ල ඌව මහ විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.