Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉසිපතනයට තියුණු ජයක්

ඉසිපතනයට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම ‘මයිලෝ’ එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ඉසිපතන විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර අද (11) පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 29-28 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

ඉසිපතන විදුහල මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ දෙවැනි අර්ධයේ 37 වැනි මිනිත්තුවේදී එච්. ඒ. ටී. කුලසේකර සාර්ථක කළ උත්සාහක දිනුමෙන් ඉසිපතන විදුහල ලකුණු 29-28 ක් ලෙස ලකුණකින් ඉදිරියට පැමිණියේය.

ශාන්ත අන්තෝනි විදුහල් පිල අවසන් මිනිත්තු තුන දක්වා ලකුණු 28-24 ක් ලෙස පෙරමුණේ පසු විය. ශාන්ත අන්තෝනි විදුහලට අවසන් මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර ආර්. එස්. ඩී. මධුවන්ත වෙතින් ගිලිහී නොගියේ නම් තරගයේ ප්‍රතිඵලය වෙනස්වීමට ඉඩ තිබුණි.

ජයග්‍රාහි ඉසිපතන විදුහල් පිල ගෝල 2 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු ලැබීය. ශාන්ත අන්තෝනි විදුහලට ගෝලකින්, උත්සාහක දිනුම් 3 කින්, දඬුවම් පහරකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු එකතු විය.

ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩකයෝ තරගය ආරම්භයේ සිට දැඩි ආක්‍රමණශීලිව ක්‍රීඩා කරමින් ලකුණු 15-12 ක් ලෙස ලකුණු 3 ක් ඉදිරියෙන් සිටිමින් පළමු අර්ධය අවසන් කළහ. ප්‍රබල ඉසිපතන විදුහල් පිල 30 වැනි මිනිතත්ුවේ සිට මිනිත්තු හතක් තුළ ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු 12 ක් රැස්කරමින් මෙම තියුණු ජයට ළඟා විය.

ඉසිපතන විදුහල වෙනුවෙන් වයි. ඒ. සී. සඳරුවන්, එන්. චමින්ද, එස්. ගයන්ත, සී. ආර්. ඕ. සිල්වා, සහ එච්. ඒ. ටී. කුලසේකර උත්සාහක දිනුම් බැගින් සම්පූර්ණ කළහ. එම්. රුබේරු ගෝල ප්‍රවර්ථන දෙකක් සාර්ථක කරමින් අතිරේක ලකුණු 4 ක් එකතු කළේය.

ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් ජේ. ඩබ්ලිව්. දවුලගල, අයි. ඩී. ලියනගේ, කේ. ඩී. අමරකෝන් සහ එම්. ඩී. එම්. රොද්‍රිගු උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. ආර්. එස්. ඒ. මධුවන්ත දඬුවම් පහරක්, ඩ්‍රොප් ගෝලයක් සහ ගෝල ප්‍රවර්ථනයක් සාර්ථක කරමින් ලකුණු 8 ක් ශාන්ත අන්තෝනි විදුහල් ලකුණු පුවරුවට එකතු කිරීමට සමත් විය.


අදහස් (0)

ඉසිපතනයට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.