Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී පානදුර රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 88 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය ඊයේ (4 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ආනන්ද විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සෙනෙල් කුඩාගම (52) අර්ධ ශතකයක් ලබාගත් අතර මිලින්ද ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා කඩුලු 3 බැගින් දවාගනිමින් පානදුර රාජකීය විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
පෙරදින පැවැති වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර ඕවර 32 කට තරගය සීමාවිය.
ආනන්ද විදුහල - ඕවර 30.5 කදී සියලුදෙනා දැවී 199
(සෙනෙල් කුඩාගම 52, දසුන් තාරක 45, විනුජ විජේබණ්ඩාර 33, අදීශ පෙරේරා 21, මිලින්ද ප්‍රනාන්දු 46/3, ධනංජය ද සිල්වා 47/3, දිනෙත් සේනාතිලක 25/2)
රාජකීය විදුහල - ඕවර 32 කදී කඩුලු 9 ක් දැවී 111
(ළහිරු පිරීස් 26, දිනෙත් ප්‍රනාන්දු 26, ජනිඳු ජයවර්ධන 21/2, කණිෂ්ක රංතිලකගේ 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.