Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී කොළඹ ශාන්ත ජෝසප් විදුහලට එරෙහිව ලකුණු 52 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විදුහල ඊයේ (31) සමත්විය. මෙම තරගය ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
හසඳුල් ගනේගොඩ (72) සහ සෙනාල් ගොඩැල්ලගේ (58) අර්ධ ශතක රැස්කරමින් ආනන්ද විදුහල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය අතර ජොයෙල් ගුණතිලක ලකුණු 46 කට කඩුලු 5 ක් දවාගනිමින් ශාන්ත ජෝසප් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ආනන්ද විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ හර්ෂ ප්‍රමෝද් සහ කේසර බණ්ඩාර කඩුලු 3 බැගින් දවාගත්හ.
ආනන්නද විදුහල - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 278
(හසඳුල් ගනේගොඩ 72, සෙනාල් ගොඩැල්ලගේ 58, සුවිරු සත්මිඳු 40, අභිශේක් වීරගේ 29, ජොයෙල් ගුණතිලක 46/5, ඬේමියන් ප්‍රනාන්දු 47/2)
ශා. ජෝසප් විදුහල - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී 226
(ඬේමියන් ප්‍රනාන්දු නොදැවී 49, තුශාන් සමරසිංහ 40, ජනිත් මලර් 37, ශෙනුක ද සිල්වා 30, ශෙවොන් ජෝන් 22, හර්ෂ ප්‍රමෝද් 38/3, කේසර බණ්ඩාර 47/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.